Sunday, June 7, 2015

ඉමි අංකය නොදන්නා අස්ථානගතවූ android දුරකථනය තිබෙන තැන සොයා ගන්නට හෝ එහි ඇති දත්ත මකා දමන්නට හෝ ක්‍රමයක් තීබේද?

තමන්ගේ දුරකතනයෙන් අන්තර්ජාලයට පිවිස සේවා ලබා ගත්තේ නම් හෝ ඇප්ස් ඩවුන්ලෝඩ් කර ගත්තේනම් හෝ android දුරකථනයේ ඉමි (IMEI - International Moblie Station Equipment Identify) අංකය සොයා ගැනීම ඉතාමත් පහසුය. මේ වැඩ කරන්නට කලින් සෑම android දුරකතනයක්ම ගූගල් ගිණුමේ ලියාපදිංචි කළ යුතු බැවිනි. දැන් කළ යුත්තේ තමන් android දුරකථනය භාවිතා කළ ගූගල් ගිණුම වෙත පිවිසීමයි. ඉන්පසුව www.google.com/settings/dashboard යන ලිපිනයෙන් ගූගල් දෑෂ්බෝඩ් එක වෙත පිවිසිය යුතුය. මෙවිට android යන්න යටතේ තමන්ගේ android උපාංගයේ විස්තර සියල්ල පෙනවයි. එමෙන්ම Manage active devices හරහා ගොස් එම දුරකථනය නාද කිරීමද, එහි ඇති දත්ත ඉවත් කිරීම වැනිදේ කළ හැකිය.






No comments:

Post a Comment