- මොනවද මේ Keyloggers?
- keylogger එකකින් ලේසියෙන්ම hack කරමු...
මෙහිදී මුල් කරුනු කියවූ ඔබට keylogger එකක ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින්trojan එකක හා RAT ක්‍රියාකාරීත්වයට සමාන බව දැකිය හැක.එනම් මෙහිදීද සිදුවන්නේ පරිගනක භාවිත කරන්නා නොමග යවා පරිගනකය තුල Malicious software එකක් ස්ථාපනය කරවා එමගින් දත්ත හොරකන් කිරීමකි.
එමනිසා Trojan හා Rats වලින් බේරීමට කළ පහත ක්‍රියාමාර්ග මෙහිදීත් අනුගමනය කළ යුතුය.
- File Sharing Website වලින් Files බාගත නොකරන්න.ඔබ කොහෙන් හෝ බාගත කරන සෑම File එකක්මhttps://www.virustotal.com/#url තුලින් නොමිලේ වෛරස ඇතිද යන්න පරීක්ෂා කරවා ගන්න.
- Pendrive පරිගනකයට සම්බන්ධ කිරීමේදී Anti Virus මෘදුකාංගය ක්‍රියාත්මක කර තබන්න.සතියකට වරක්වත් වෛරස පරීක්ෂා කරන්න.
- නොදන්නා file කිසිවිටක විවෘත නොකරන්න.
- නොදන්නා E-Mail Attachments විවෘත නොකරන්න.
- HardDisk එකේ යම්පූර්ණ Backup එකක් තබා ගන්න.
- සෑම විටම Files වල Extension එක පිලිබදව සැලකිලිමත් වන්න.
- Pendrives හා CDs Auto run වීම අවලංගු කරවන්න.
- සෑම විටම Anti Virus මෘදුකාංග නිසි කලට යාවත්කාලීන කරන්න.එහෙත් ඒවා ගැන සම්පූර්න විස්වාසය නොතබන්න.
- Task Manger තුලින් Running Programs කෙරෙහි නිරතුරුව අවධානය යොමු කරන්න.
මීට අමතරව පහත දැක්වෙන ක්‍රියාමාර්ගද ගත යුතුය.
- Antilogger මෘදුකාංගයක් භාවිත කරන්න.
- Firewall මෘදුකාංගයක් සෑම විටම භාවිතා කරන්න
- නමුත් මේ සියල්ල සිදු කලත් ඔබ නිරතුරුව අන්තර්ජාලය හරහා මුදල් හුවමාරුව හෝ රහස් තොරතුරු හුවමාරු කරන්නේ නම් ඔබට තවමත් අවදානමක් එල්ල වී පවතී.ඊට හේතු වන්නේ දිනෙන් දිනම FUD keyloggers අලුතින් නිපදවීමයි.මෙයට එක් විසදුමක් පවතී.තරමක් කරදර කාරී වුවත් අතිශය රහස් Password ආදිය පරිගනකයට ඇතුල් කිරීමේදී මේ ක්‍රමය අනුගමනය කරන්න.
- ඔබට ඇතුල් කිරීමට ඇති password එක srilanka යැයි සිතමු.මුලින්මDjkS8p ලෙස type කරන්න.දැන් Djk යන අකුරු තුන highlite කරbackspace කරන්න.දැන් 8p යන්න highlight කර r ඔබන්න..එවිට ඔබ දැන් ඇතුලත් කර ඇත්තේ Sr ලෙස වුවත් එය keylogger එක තුල සදහන් වන්නේ DjkS8p[backspace]r ලෙසය.මෙලෙසම අනෙක් අකුරුත් type කරන්න.
- කිසම විටක Internet cafe තුලින් රහස්‍යය තොරතුරු ඇතුලත් නොකරන්න..අද බොහෝමයක් internet cafe තුල Hardware Keyloggers සවිකර ඇත.
- ඔබේ පරිගනකයේ ඔබට නොදැනී Hardware keylogger එකක් සවි කිරීම අපහසුය.නමුත් Pendrive මගින් බොහෝවිට Software Keyloggers පැමිනිය හැක.එමනිසා විස්වාස නොවන pendrivesභාවිත නොකරන්න
- Pendrive එක තුල වෛරස ඇත්දැයි පරීක්ෂා කරීමට මෙම මෘදුකාංගය භාවිත කළ හැක
මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට සම්පූර්නයෙන්ම keyloggers වලින් ආරක්ෂා විය හැක.

No comments:
Post a Comment