Monday, June 8, 2015

පොඩි පහේ virus එකක්





මේකත් මම කලින් කියලා දුන්න virus එක වගේම Computer Prank එකක්.. මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ Virus එකක් වගේ. පුංවි විහිලුවක් විතරයි. Double click කරපුගමන් පොඩි msg එකක් ඇවිල්ලා කිසියම් කාල පරාසයක් තුල computer එක off වෙන‍වා.මේකත් ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් ඉතාම පුංචි Computer Prank එකක්. හැබැයි වැ‍ඩේ නම් ගින්දර. හිහිහි... හ්ම් අපි බලමු එහෙනම් මේක කොහොමද කරන්නෙ කියල.....




පහල තියන පියවර අනුගමනය කරල අපිට මේ virus එක හදාගන්න පුලුවන්


පලමු පියවර - desktop එක උඩ right click කරල New ගිහින් Shortcut click කරන්න.


දෙවන පියවර - දැන් Shortcut එක තියන location එක තොරන්න අවහම මම පහල දාලා තියන code එක copy කරල එකේ paste කරන්න .

Shutdown -s -t 30 -c "your text here"

සැ.යු -රතු පාටින් දාලා තියෙන s අකුර වෙනුව‍ට r හෝ l අකුර දාන්න පුලුවන්. ඒක තීරණය කරන්න ඕන අපේ අවශ්‍යතාවය අනුවයි.


s - කියන්නෙ Shutdown
r - කියන්නේ Restart
l - කියන්නෙ log off


නිල් පාටින් දාලා තියෙන්නෙ time එක තත්පර වලින්. එතන්ටත් අපිට කැමති වේලාවක් දාන්න පුලුවන්. Computer එක shutdown වෙන්න ගන්න වෙලාව තමයි ඒක. ඕනනම් අපිට ඒක බිංදුව කරන්නත් පුලුවන්.මොනව වුනත් යාලුවට Save කරගත්තේ නැති document එකක් එහෙම තිබ්බොත් save කරගන්නත් වෙලාව දෙන්න එපැයි.හිහිහි :)


එවගේම කොල පාටින් දාලා තියන තැනට ඔයාලට ඕන දෙයක් දාන්න පුපුවන්... යාලුවට දෙන්න ඕන message එක එතන type කරන්න. දෙපැත්තෙ තියන කෝටේෂන් මාක් අයින් කරන්න එපා. ඒව අනිවාර්යයෙන් තියෙන්න ඕනෙමයි. 

තුන්වන පියවර - දැන් ඔයාලාගේ Shortcut එකට නමක් දෙන්න. විශේෂයෙන්ම දැක්කහම click කරන්න හිතෙන නමක් වගේ එකක් :P


 හතරවන පියවර - දැන් short cut එක හදල ඉවර උනාට තව එක වැඩක් තියනවා. ඒ තමයි‍ මේකට දුන්න නමට සාමාන icon එකක් අපි දාන්න ඕන. ‍මොකද නැත්තන් යාලුවා නිකන්ම දැන ගන්නවා මේක fake icon එකක් කියලා. ඒක කරන්නෙ මෙහෙමයි

Shortcut එක උඩ right click කරන්න. ඊට පස්සේ Properties click කරලා change icon දෙන්න.

අපි short cut එකට නම දුන්නෙ Internet Explorer කියල නම් ඒ icon එක තෝරගන්න. හරි දැන් වැඩේ ඉවරයි.


දැන් ඔය Shortcut එක click කරපුගමන් අතන දුන්නෙ තත්පර 30යි නම් තත්පර 30ක් ඇතුලත computer එක අතන දුන්නෙ S නම් shutdown, r නම් restart, l නම් log off වෙනවා..හොදයි නේද?

No comments:

Post a Comment