Sunday, June 14, 2015
පරිගණකයට ඇතුළු වූ වයිරසයක්, වයිරස්ගාඩ් මෘදුකාංගයකින් ඉවත් කළද නැවටත් එය සෑම ඩිස්කයකටම අලුතින් කොපි වෙමින් තිබේ. මෙම වයිරසය සම්පූර්ණයෙන් ඉවත් කර ගන්නේ කෙසේද?
මෙම වයිරසය පරිගණකයට පැමිණ ඇත්තේ වයිරස් ගාඩ් එක යෙදීමට කලිනි. වයිරසයක් පරිගණකයට පැමිණ ස්ථාපිත වූ පසු වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කර වයිරසය ඉවත් කළ නොහැකිය. එම වයිරසය ඔපරේටින් සිස්ටම් ඒක සමග සම්බන්ධ වී ක්‍රියාත්මකව පවතින බැවින් දැන් කොපමණ වාරයක් මෙම වයිරසය වයිරස් ගාඩ් ඒක මගින් සොයා ඉවත් කළත්, නැවත නැවතත් බෝ වීම සිදු වේ. මෙවැනි අවස්ථාවකදී රෙස්කියු ඩිස්ක් (rescue disk ) එකක් මගින් පරිගණකය බූට් කර වයිරසය ඉවත් කිරීමට උත්සාහ කරන්න. නැත්නම් අදාළ හාඩ් ඩිස්ක් එක, වයිරස් ගාඩ් එකක් සහිත වෙනත් පරිගණකයට සම්බන්ධ කොට ඉන් පසු එම පරිගණකයේ ඇති වයිරස් ගාඩ් එක මගින් ස්කෑන් කොට වයිරස් ඉවත් කරන්න.
Labels:
Virus
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment